බදියුදීන් හා හකීම් අතර හමුවක්

බදියුදීන් හා හකීම් අතර හමුවක්

by Staff writer 09-11-2018 | 8:22 PM
COLOMBO (News 1st) - සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක රිෂාඩ් බදියුදීන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් සිදු වී තිබේ. සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේ, එම අවස්ථාවට මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු කණ්ඩායම ද එක් වූ බව ය. පක්ෂ දෙකේ මන්ත්‍රීවරු මේ දිනවල උම්රා වන්දනාව සඳහා මක්කම නගරයට ගොස් සිටිති.