යුරෝපා සංගමයෙන් නිවේදනයක්...!

පාර්ලිමේන්තුවට බහුතරය පෙන්වීමට අවස්ථාවක් දිය යුතුයි - යුරෝපා සංගමයෙන් නිවේදනයක්

by Staff writer 09-11-2018 | 12:19 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවට බහුතරය පෙන්වීමට අවස්ථාවක් දිය යුතු බව යුරෝපා සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, කොළඹ යුරෝපා සංගමයේ මෙහෙයුම් ප්‍රධානීන්ගේ එකඟතාව මත මෙම නිවේදනය නිකුත් කරන බවයි. යුරෝපා සංගමයේ තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ රුමේනියාව යන රටවල තානාපතිවරුන් මෙන් ම එක්සත් රාජධානියේ මහකොමසාරිස්වරයා ද පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ. පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද කිරීම ගැටලු රැසකට හේතුවනු ඇතැයි ද යුරෝපා සංගමය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනු ඇත.