by Staff writer 09-11-2018 | 8:13 PM
COLOMBO (News 1st) - ඇති වුණු දේශපාලන වෙනසත් සමගම ශ්‍රී ලංකාවත් රුසියාවත් අතර ද්වීපාර්ශවික සබඳතාවලට පැවති බාධා ඉවත් වනු ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, රාජ්‍යයන් දෙකටම ද්වීපාර්ශවික සම්බන්ධතා වැඩි දියුණු කරමින් ඉක්මනින්ම ගිවිසුම් රැසකට එළැඹීමේ හැකියාව ලැබෙනු ඇති බව ය.
මෙම අවස්ථාවේ පමණක් නොව ඉතිහාසයේ කවර අවස්ථාවකවත් රුසියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අත පොවමින්, කළ යුතු දේ පිළිබඳව උපදෙස් නොදුන් රටක් ලෙස කෘතගුණ පූර්වකව ශ්‍රී ලාංකිකයින් විසින් සිහිපත් කරනු ලබන බව රුසියානු රජයේ නිලධාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේ තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කර තිබේ.
රුසියාව සැම විටම ශ්‍රී ලංකාවේ ජාතික නිදහස, ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාවය ගරු කළ බව ද තානාපතිවරයා සිහිපත් කළේ ය.
ඔහු කියා සිටියේ, ලොව අනෙකුත් රටවල් මහජන ඡන්දයෙන් පත් වුණු නියෝජිතයින්ගේ මතයට ගරු කළ යුතු බවක් ප්‍රකාශ කරමින් සිටින බව ය.
රටේ ඉහළ ම ජන මතයක් ලබා ගත් නියෝජිතයා වන විධායක ජනාධිපතිවරයා පත් වන්නේ මුළු රටේම ජනතාවගේ ඡන්දයෙන් බවත්, එය 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් බවත් ඔවුන්ට අමතක වී ඇතැයි තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.