by Staff writer 09-11-2018 | 12:56 PM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා විදෙස් ගතවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද අවසර ලබා දී තිබේ.
ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා කළ ඉල්ලීම සළකා බලමිනි.
මේ වන විට අධිකරණය භාරයේ ඇති විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය ඔහුට ලබාදීමට ද නියෝග කළ විනිසුරු මඬුල්ල, විදේශ ගමන් තහනම අදාළ කාලසීමාව සඳහා තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ද නියෝග කළේ ය.
මැදමූලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් අවභාවිතය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
නඩුව ලබන 27 වැනි දා යළි කැඳවීමට නියමිතය.