කැලිෆෝනියාවේ 12 කට මරු කැඳවූ පුද්ගලයා හඳුනා ගැනේ

කැලිෆෝනියාවේ සමාජ ශාලාවක 12 කට මරු කැඳවූ පුද්ගලයා හඳුනා ගැනේ

by Staff writer 09-11-2018 | 7:40 AM

12 දෙනෙකුට මරු කැඳවූ අමෙරිකාවේ කැලිෆෝනියාහි රාත්‍රී සාමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු හඳුනාගෙන තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, ඔහු අමෙරිකානු නාවික හමුදාවේ හිටපු සාමාජිකයෙකු බවයි. 28 හැවිරිදි ඩේවිඩ් ලෝන්ග් නැමැති ඔහු ඊයේ පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් මිය ගියේ ය. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, රාත්‍රී සමාජ ශාලාවට කඩා වැදුණු ඔහු එහි සිටි පිරිසට විවෘතව වෙඩි තබා ඇති බවයි. ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 10 කි. වෙඩි තැබීම සිදුවන විට රාත්‍රී සමාජ ශාලාව තුල 200 ට ආසන්න පිරිසක් සිටියහ. අමෙරිකානු ආරක්ෂක අංශ පැවසූවේ, අදාළ පුද්ගලයා මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙමින් සිටි බවට විමර්ශනවලදී හෙළි වූ බවයි.