අමිහිරි පරාජයක් සමගින් රංගනගේ රංගනය අවසන් වෙයි

අමිහිරි පරාජයක් සමගින් රංගනගේ රංගනය අවසන් වෙයි.

by Nadeeshan Meedin 09-11-2018 | 4:46 PM
ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය එක් දිනක් ඉතිරිව තිබියදී ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් විය. ලකුණු 462 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 250 ක් පමණි. ඇන්ජලෝ මැතිව්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 53 ක් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් රැස්කරද්දී, කෞෂාල් සිල්වා හා ඩිල්රුවන් පෙරේරා ලකුණු 30 බැගින් රැස්කිරීමට සමත්විය.

තරගයේ ලකුණු සාරංශය

එංගලන්තය පළමු ඉනිම 342 ( බෙන් ෆෝක්ස් 107, ඩිල්රුවන් පෙරේරා 75/5) දෙවැනි ඉනිම 322/6 (ජෙනිං 146, බෙන් ස්ටොක්ස් 62); ශ්‍රී ලංකාව පළමු ඉනිම 203 ( මැතිව්ස් ඇන්ජලෝ 52) දෙවැනි ඉනිම 250 (ඇන්ජලෝ මැතිව්ස් 53)
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වූ රංගන හේරත්ගේ අවසන් තරගයට සුභදායී ප්‍රථීඵලයක් ලබා දීමට පිතිකරුවන් අපොහොසත් විය. රංගන ටෙස්ට් දිවිය තුළ තරග 93 ක් තුළ කඩුලු 433 ක් දවා ගනිමින් තම ක්‍රීඩා දිවිය අද අවසන් කළේ ක්‍රීඩා ලෝලීන්ගේ හා ප්‍රථිවාදී ක්‍රීඩකයන්ගේ ද ආදරය සමගිනි. ගාල්ලේ දී ටෙස්ට් දිවිය ඇරඹූ රංගනගේ සමුගැනීම වෙනුවෙන් හිටපු ක්‍රීඩකයන් රැසක්ම අද තරගය නැරඹීමට පැමිණ සිටීම ද විශේෂත්යක් විය. රංගන හේරත් ටෙස්ට් තරගවලදී වැඩිම කඩුලු ලාභීන් අතර අට වැනි ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් ව සිටින අතර, වමත් පන්දුයවන්නන් අතර පසුවන්නේ පළමු ස්ථානයේ යි. රංගන හේරත්ගේ ක්‍රීඩා දිවියේ දී දවාගත් කඩුලු සංඛ්‍යාවන්
තරග කඩුලු කඩුලු 5 බැගින් කඩුලු 10 බැගින්
ටෙස්ට් 93 433 34 9
එක්දින 71 74 0 0
පන්දුවාර 20-20 17 18 1 0
[gallery columns="2" size="medium" ids="160417,160416"] https://www.newsfirst.lk/sinhala/2018/11/09/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b7%80-%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd-4/