ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Hashini De Mel

09 Nov, 2018 | 6:05 am

දේශිය පුවත්

1. ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්වෙයි: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාව ඊයේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ, එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

2. බදු අභියාචනා කොමිෂන් සභාව යළි සක්‍රීය කරයි: අක්‍රීයව පැවති බදු අභියාචනා කොමිෂන් සභාව යළි සක්‍රීය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොමිසමට නව සාමාජිකයින් පත් කර ඇති බව ය.

3. ගාලුමුවදොරින් ඇරඹි එ.ජා.ප.යේ විරෝධතා රථ පෙළපාලිය: එක්සත් ජාතික පක්ෂය ඊයේ විරෝධතා රථ පෙළපාලියක නිරත විය.

ඒ, නව අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කරමින් සහ පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලමිනි.

4. විග්නේෂ්වරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත් වෙයි: තමන් තවදුරටත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග කටයුතු නොකරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා දැනුම් දී තිබේ.

5. තව ත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙති: තව ත් කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම්දී තිබේ.

6. පාසල් සිසුන්ට වවුචර් වෙනුවට යළි ත් නිල ඇඳුම් ලබාදීමට සැරසෙයි: පාසල් සිසුන්ට වවුචර් වෙනුවට යළි ත් නිල ඇඳුම් රෙදි ලබාදීම පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් පත්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේ, වවුචර් ක්‍රමය වෙනස් කොට සිසුන්ට යළි ත් නිල ඇඳුම් රෙදි ලබා දෙන ලෙස ලැබුණු ඉල්ලීම් රැසක් සලකා බැලීමෙන් අනතුරුව මේ පියවර ගත් බවයි.

විදෙස් පුවත්

7. අමෙරිකානු නීතිපති ධූරයෙන් පහ කෙරේ: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නීතිපති ජෙෆ් සෙෂන්ස් ධූරයෙන් පහ කර තිබේ.

ඒ, අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය අහිමිවී දිනකට පසුය.

දවසේ සිත්තම…