විග්නේෂ්වරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත් වෙයි

විග්නේෂ්වරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත් වෙයි

by Staff writer 08-11-2018 | 5:57 PM
COLOMBO (News 1st) - තමන් තවදුරටත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග කටයුතු නොකරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා දැනුම් දී තිබේ. නිව්ස්ෆස්ට් වෙත මේ බව තහවුරු කළේ, එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ය. සී.වී. විග්නේෂ්වරන් මහතා ලිපියකින් තමාට මේ බව දැනුම් දුන් බව ද සේනාධිරාජා මහතා සඳහන් කළේ ය.