එස්. බී.දිසානායක ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට

එස්. බී. දිසානායක ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරේ

by Staff writer 08-11-2018 | 2:27 PM

COLOMBO (News 1st) - අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.

එස්. බී. දිසානායක මහතා හෙට පෙරවරු 7.30 ට පාර්ලිමේන්තුවේ පිහිටි ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය. මීට අමතරව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරක ධූරය ද හොබවනු ඇත.