උතුරු - නැගෙනහිර පළාත්වලට තද වැසි...

උතුරු - නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි

by Staff writer 08-11-2018 | 7:22 AM

COLOMBO (News 1st) - උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට ප්‍රදේශයේ තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරුව අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි. මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 - 60 ත් දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේදී සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 - 80 ක් පමණ ඉහළ යා හැකි බව ද එහි වැඩිදුරටත් දැක්වෙනු ඇති.