ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්වෙයි

ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්වෙයි

by Staff writer 08-11-2018 | 10:10 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාව අද බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ, එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ, මෙහිදී මධ්‍යම කාරක සභාවට ඉහළින් නව දේශපාලන මණ්ඩලයක් පිහිටුවීමට තීරණය කළ බව ය. ජනමත විචාරණයකට හා මහ මැතිවරණයකට නොයන බව මෙහිදී ජනාධිපතිවරයා පැවසූ බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා පැවසුවේ ය.