වත්මන් අර්බුදය ගැන අධිකරණය හමුවට යාම රනිල් වික්‍රමසිංහ බැහැර කරයි

වත්මන් අර්බුදය ගැන අධිකරණය හමුවට යාම රනිල් වික්‍රමසිංහ බැහැර කරයි

වත්මන් අර්බුදය ගැන අධිකරණය හමුවට යාම රනිල් වික්‍රමසිංහ බැහැර කරයි

කර්තෘ Staff writer

08 Nov, 2018 | 7:58 pm

(News 1st) – වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බැහැර කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කළේ ය.

ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ, උත්තරීතර අධිකරණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බව ය.

එම නිසා අධිකරණය හමුවට ගිය ද මෙම ගැටලුව යළිත් පාර්ලිමේන්තුවටම යොමු කරනු ඇතැයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග තමන් වැඩ කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු හින්දු පුවත්පත සමග කළ සාකච්ඡාවේ සඳහන් ය.

පුද්ගලික ප්‍රශ්න ව්‍යවස්ථාවට අදාළ නොවන බව පෙන්වා දෙන ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිතුමා සමග තමන්ට වැඩ කළ හැකි ද යන ප්‍රශ්නය ජනාධිපතිතුමාට යොමු කළ යුතු බව ය.

පාර්ලිමේන්තුව නැවත කැඳවීම සුබවාදී දෙයක් බව පවසන වික්‍රමසිංහ මහතා තමන්ට බහුතරය පෙන්විය හැකි බවට විශ්වාස යැයි සඳහන් කර තිබේ.