බදු අභියාචනා කොමිෂන් සභාව යළි සක්‍රීය කරයි

බදු අභියාචනා කොමිෂන් සභාව යළි සක්‍රීය කරයි

by Staff writer 08-11-2018 | 9:49 PM
COLOMBO (News 1st) - අක්‍රීයව පැවති බදු අභියාචනා කොමිෂන් සභාව යළි සක්‍රීය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොමිසමට නව සාමාජිකයින් පත් කර ඇති බව ය. බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපති ධූරයට හෙක්ටර් යාපා මහතා පත් කර ඇති බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. විනිසුරු සුනිල් රාජපක්ෂ සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස්. ස්වර්ණජෝති යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග බදු ගෙවන්නෙකුට පවතින යම් ආරවුලක් වේ නම් එය විසඳා ගැනීමට බදු අභියාචනා කොමිෂන් සභාව මගින් අවස්ථාව උදා වේ.