ගාලුමුවදොරින් ඇරඹි එ.ජා.ප.යේ විරෝධතා රථ පෙළපාලිය

ගාලුමුවදොරින් ඇරඹි එ.ජා.ප.යේ විරෝධතා රථ පෙළපාලිය

by Staff writer 08-11-2018 | 8:50 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය අද විරෝධතා රථ පෙළපාලියක නිරත විය. ඒ, නව අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කරමින් සහ පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලමිනි. ගාලුමුවදොරින් ගමන් ඇරඹි එක්සත් ජාතික පක්ෂ විරෝධතා රථ පෙළපාලිය නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කළේ ය. ගාලුමුවදොරින් කොල්ලුපිටිය දෙසට පැමිණි රථ පෙළපාලිය අරලියගහ මන්දිරය ඉදිරිපිටින් ගමන් කළේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින්ගේ ආචාරය මධ්‍යයේ ය. විරෝධතා රථ පෙළ ගමන් අවසන් කළේ, කොළඹ මහ නගර සභා පරිශ්‍රය අසළින් නිදහස් චතුරස්‍රය වෙත ගමන් කරමිනි. එහිදී දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට එක්සත් ජාතික පක්ෂ නායකයෝ පුෂ්පෝපහාර පුද කළහ.