හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 2% කින් පහළට

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 2% කින් පහළට

by Staff writer 07-11-2018 | 4:15 PM

COLOMBO (News 1st) - බස් ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට 2% කින් පහළ දැමීමට ජතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ.

ඒ, පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් නියෝජිතයින් සමග අද දහවල් ගමනාගමන කොමිසමේ පැවති සාකච්ඡාවකදීයි. ඩීසල් ලීටරයක මිල පසුගිය පළමුවැනිදා සිට රුපියල් 7 කින් පහළ දැමීමත් සමග බස් සංගම් පැවසුවේ, එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට සූදානම් බවයි. ඒ අනුව අදාළ සාකච්ඡා අද පැවැත් විය. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව වන රුපියල් 12.00 ගාස්තුව වෙනසක් සිදු නොවේ. මෙම සාකච්ඡාවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් ද සහභාගි විය.