බස් ගාස්තු අඩු වන ලකුණු

බස් ගාස්තු අඩු වන ලකුණු

by Staff writer 07-11-2018 | 7:30 AM
COLOMBO (News 1st) - ඩීසල් මිල පහළ දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් අද පැවැත්වේ. ඒ, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයින් අතර ය. ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, අද පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව එළැඹෙන තීරණය කැබිනට් මණ්ඩලයට වාර්තා කරන බව ය. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, 2%කින් බස් ගාස්තු පහළ දැමීමට තම සංගමය තීරණය කර ඇති බව ය. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඩීසල් මිල පහළ යාමෙන් වූ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට තම සංගමය කිසිදු විරෝධයක් නොදක්වන බව ය.