"පොලීසිය කටයුතු කරන්නේ ජනපතිගේ නියෝග මත පමණයි"

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනපතිගේ නියෝග මත පමණයි - පොලිස්පති

by Staff writer 07-11-2018 | 1:16 PM
COLOMBO (News 1st) - පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනාධිපතිතුමාගේ නිශ්චිත උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා කියා සිටියේ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා කටයුතු කරන බව ය. ඒ අනුව ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ ය. ඔහු පැවසුවේ, ඊයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොලිස් මූලස්ථානයට යොමු කළ ලිපිය වලංගු නොවන බව ය.