පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ

පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ

by Staff writer 07-11-2018 | 11:09 AM
COLOMBO (News 1st) - කථානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ පැවැත්වේ. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය. කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ලබන 14 වන දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයත් සමග ඒ සඳහා කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව ය. මේ අතර ලබන 14 වන දා ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේ ආසන පැනවීමේ කටයුතු ලබන 12 වන දා සිදු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව ආසන පනවන බව ද ඔහු පැවසුවේ ය. නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ සදහා කථානායකවරයාගේ උපදෙස් ලබා ගන්නා බව ය.