දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ජනපති හමුවෙයි

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් ජනපති හමුවෙයි

by Staff writer 07-11-2018 | 5:03 PM

COLOMBO (News 1st) - දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමුවී තිබේ.

ජනාධිපතිතුමාගේ නිල නිවසේ පැවති හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, රාධා ක්‍රිෂ්ණන්, වේලු කුමාර්, මයිල්වාහනම් තිලකරාජ් හා අරවින්ද කුමාර් යන මන්ත්‍රීවරුන් එක් ව සිටියහ. ජනාධිපතිතුමා කළ ඉල්ලීමක් අනුව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මෙම සාකච්ජාව පැමිණි බව ඊට එක්වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළහ. මේ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමුවිණි. ජනාධිපති කාර්යාලයේ පැවති එම රැස්වීමට විපක්ෂ නායකවරයාට අමතරව එම්. ඒ. සුමන්දිරම්, සෙල්වම් අඩෙක්කලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුන් ද එක් ව සිටියහ.