by Staff writer 07-11-2018 | 2:15 PM
COLOMBO (News 1st) නව ආණ්ඩුවේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද සිය අමාත්‍යංශවල වැඩ භාර ගත්හ.
දිනේෂ් ගුණවර්ධන මහතා අද බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේ ය.
ඒ, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශයේදී ය.
පියසේන ගමගේ මහතා තරුණ, කාන්තා හා ළමා කටුයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යංශයේදී අද වැඩ භාර ගනු ලැබුවේ ය.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්ව සිටියේ ය.