ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 07-11-2018 | 7:09 AM
COLOMBO (News 1st)  1. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කර තිබේ. 2. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග සාකච්ඡා කර තිබේ. 3. දින 10 ක් තුළ හලාවත මහා රෝහලේදී බිළිඳු දරුවන් තිදෙනෙකු හා මවක මිය ගොස් තිබේ. 4. ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය ඊයේ කථානායකවරයා හමු වීය. 5. රටේ පවතින වත්මන් අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් රැස්වනු ඇතැයි, අපේක්ෂා කරන බව පොදු රාජ්‍ය මණ්ඩලය පවසයි. විදෙස් පුවත් 6. අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ඇරඹිණි. ක්‍රීඩා පුවත් 7. අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන රංගනගෙන් තව ත් වාර්තාවක්