ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්

ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්

by Staff writer 07-11-2018 | 11:24 AM
COLOMBO (News 1st) - බුලත්කොහුපිටිය මොරොන්තොට හාල්මැස්ස මාර්ගයේ ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, තවත් සිසුන් 3 දෙනෙකු සමග දිය නාමින් සිටියදී ඊයේ පස්වරුවේ ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව ය. එලෙස අතුරුදන්ව ඇත්තේ, 17 හැවිරිදි වරකාපොළ ඇත්නාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සොයා මේ වන විට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබේ.