කථානායක සහ පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

කථානායක සහ පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

by Staff writer 07-11-2018 | 6:52 PM

COLOMBO (News 1st) - කථානායක කරූ ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් විය.

කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ලබන 14 වැනි දා පාර්ලිමේන්තුව කැඳවිමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයත් සමග ඒ සඳහා කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවූ බවයි. මේ අතර ලබන 14 වැනි දා ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේ ආසන පැනවීමේ කටයුතු ලබන 12 වැනි දා සිදු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පැවසුවේ, නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව ආසන පනවන බවය. ඒ සඳහා කථානායකවරයාගේ උපදෙස් ලබා ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.