රට තුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට කටයුතු කරනවා

රට තුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට කටයුතු කරනවා - ජනපති

by Staff writer 06-11-2018 | 4:43 PM

COLOMBO (News 1st) - රට තුළ ස්ථිර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන්ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ දීපවාලි උත්සවයට එක් වෙමිනි. රටේ ජීවත්වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණය ඉටුවිය යුතු බව ජනාධිපතිතුමා එහිදී පැවසුවේ ය. සංස්කෘතික අංග රැසකින් සමන්විත වූ මෙම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඇතුළු මැති ඇමතිවරු රැසක් තානාපතිවරුන් සහ හින්දු බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.