by Sagarika Chathumali 06-11-2018 | 9:38 AM
COLOMBO (News 1st) : දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වලාකුළින් බර ස්වභාවය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරත් පැවසුවේ, දිවයිනේ නැගෙනහිර, වයඹ, උතුර, උතුරුමැද හා මධ්‍යම පළාත්වලට අද මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය බවයි.
එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ දිවයින උතුරු අර්ධය හරහා තරමක් තද සුළං ද බලාපොරොත්තුවිය හැකි බවයි.