ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

by Staff writer 06-11-2018 | 5:13 PM

COLOMBO (News 1st) - රත්නපුර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නාය යෑම් පිළිබඳ අධ්‍යයන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවයි.