ජනපති හා විපක්ෂ නායක අතර සාකච්ඡා

by Staff writer 06-11-2018 | 9:38 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග සාකච්ඡා කර තිබේ.

ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති දීපාවලී උත්සවයට ජනාධිපතිතුමාගේ ඇරයුමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද, අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය. මෙම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගිවී සිටියේ ය. විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ජනාධිපතිතුමා හමුවී තිබුනේ මෙම උත්සවයෙන් අනතුරුවයි.