රංගන හේරත්ගෙන් තව ත් වාර්තාවක්

අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන රංගනගෙන් තව ත් වාර්තාවක්

by Staff writer 06-11-2018 | 6:38 PM

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

අද තරගය නරත කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 321 කි. ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා වන රංගන හේරත් සහභාගී වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වේ. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ටෙස්ට් තරග 92 කදී ඉනිම 168 ක් තුළ කඩුලු 430 ක් දවා ගනිමින් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයින් අතර වැඩිම කඩුලු ලාභියා වන රංගන හේරත් පිටියට පැමිණියේ සිය සහෝදර ක්‍රීඩකයින්ගේ ගෞරවය මධ්‍යයේයි. රෝරි බර්න්ස් සහ බෙන් ෆෝක්ස් අද ටෙස්ට් වරම් දිනා ගත්තේ ය. එංගලන්ත ඉනිම ආරම්භ කළේ, රෝරි බර්න්ස් සහ කෙයිටන් ජෙනිංග්ස්. බර්න්ස් ලකුණු 9 කට පිටියෙන් ඉවත් විය. රංගන හේරත් හමුවේ නායක ජෝ රූට් ලකුණු 35 කට පිටියෙන් දැවී ගියේ ය. රංගන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී දවා ගත් සියවැනි කඩුල්ල එයයි. ඒ අනුව එක් ක්‍රීඩාංගණයකදී ටෙස්ට් කඩුලු සියයක් දවා ගත් ලොව තුන්වැනි ක්‍රීඩකයා ලෙස රංගන වාර්තා අතරට එක් විය. ජොස් බට්ලර් ලකුණු 38 යි. බෙන් ෆෝක්ස් අද මංගල අර්ධ ශතකය වාර්තා කර තිබේ. දිල්රුවන් පෙරේරා ලකුණු 70 කට කඩුලු 4 ක් දවා ගත් අතර සුරංග ලක්මාල් ලකුණු 57 ට කඩුලු 2 ක් දවා ගත්තේ ය.