නි. අමාත්‍ය මනූෂ නානයක්කාර ඉල්ලා අස්වෙයි

නි. අමාත්‍ය මනූෂ නානායක්කාර ඉල්ලා අස්වෙයි

by Staff writer 06-11-2018 | 11:20 AM

COLOMBO (News 1st) : එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කර තිබේ.

මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමා ඉදිරියට කටයුතු කරන බවයි. නව රජයේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මනූෂ නානායක්කාර මහතා පසුගිය 01 වැනි දා දිවුරුම් දුන්නේ ය. නමුත් අද ජනාධිපතිතුමාවෙත ලිපියක් යවමින් ඔහු දැනුම්දී ඇත්තේ, ධූරයෙන් ඉල්ලා අස්වන බවයි. නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තෙක් පාර්ලිමේන්තුවේ පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදුවන බවට කථානායකවරයා දරන ස්ථාවරයට තමන් ද එකඟ වන බව එම ලිපියේ සඳහන් විය. එබැවින් තමන්ට ව්‍යාවස්ථානුකූල නොවන ධූරයක කටයුතු කිරීමට නොහැකි බව නානායක්කාර පවසා තිබේ. ඔහු ජනාධිපතිතුමාට යැවූ ලිපියේ සඳහන් වන්නේ, කථානායකවරයාගේ ස්ථාවරය පිළිගන්නා තමන් රනිල් වික්‍රමසිංහ මහතා ද පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නිලඅග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගැනීමට සිදුවන බවයි. ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දීමෙන් පසුව මනූෂ නානායක්කාර මහතා අරලියගහ මන්දිරයට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබුණි.