by Staff writer 05-11-2018 | 11:37 AM
COLOMBO (News 1st) ; හලාවත, සිප්පිකලාන ප්‍රදේශයේ කපාකොටා පුද්ගලයකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් අයෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 22 හැවිරිදි සිප්පිකලාන මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු හඳුනා ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.