මාරවිල අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

මාරවිල අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

by Staff writer 05-11-2018 | 9:18 AM
COLOMBO (News 1st) : මාරවිල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ ‍මාරවිල, තෝප්පුව මාර්ගයේ තුඩාවැව ප්‍රදේශයේදී යතුරු පැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් 27 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. එසේම තෝප්පුව මාදම්මේ මාර්ගයේ මැදපිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පා පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අනතුර සිදුකර පලා ගොස් ඇති ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.