දිනේෂ් ගුණවර්ධන සභානායක ධූරයේ වැඩ අරඹයි

දිනේෂ් ගුණවර්ධන සභානායක ධූරයේ වැඩ අරඹයි

by Staff writer 05-11-2018 | 6:22 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද රාජකාරි ආරම්භ කර තිබේ.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි සභානායක කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද අමාත්‍යවරයා නව ධූරයේ රාජකාරි අරඹා ඇත. මේ අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.