by Hashini De Mel 05-11-2018 | 3:05 PM
COLOMBO (News 1st) - ආණ්ඩුවට සහය පළකිරීමේ ජන මහිමය - ජන රැළිය මේ වන විට පාර්ලිමේන්තුව අසළදී ආරම්භ වී තිබේ.
මේ සඳහා නව රජයට සහය පළ කරන මැති ඇමතිවරුන් රැසක් එක් ව සිටි.
ජන මහිමය - ජන රැළිය වෙනුවෙන් පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ජන රැළියේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1200 ක් ද යොදවා ඇති බව පොලීසිය පැවසුවේය.
තව ද ආණ්ඩුවට විරෝධය පළ කරමින් එජාපයට සම්බන්ධ වෘත්තීය සමිති සාමාජිකයින් ද කොළඹ කොටුවේදී විරෝධතාවක් සංවිධානය කර තිබේ.