ආණ්ඩුවට එරෙහිව එජාප වෘත්තිය සමිති කොටුවට

by Staff writer 05-11-2018 | 8:30 PM

COLOMBO (News 1st) - ජාතික සේවක සංගමය සංවිධානය කළ විරෝධතාවක් අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විය.

ඒ, නව රජයට විරෝධය පළ කරමිනි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති රැසක් මෙම විරෝධතාවයට එක් ව සිටියහ. විරෝධතාවයට සමගාමීව අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ද එක්විය.