අම්බති රයිදු පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගනී..

අම්බති රයිදු පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගනී..

by Staff writer 05-11-2018 | 8:53 AM
News 1st : ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු අම්බති රයිදු පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කර තිබේ. සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කළ බවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු අම්බති රයිදු සඳහන් කළේ ය. විදෙස් මාධය වාර්තා කරන්නේ රයිදු මෙම තීරණයට එළැඹීමට ආසන්නතම කරුණ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීමේ අවශ්‍යතාවය විය හැකි බවටයි. 33 හැවිරිදි රයිදු මේ දිනවල පැවැත්වෙන රංජි කුසලාන තරගාවලිය සඳහා ද ක්‍රීඩා නොකරයි. පළමු පෙළ තරග 97 කදී ඔහු ක්‍රීඩා කළ ඉණිම් සංඛ්‍යාව 156කි. පළමු පෙළ ක්‍රිකට් තරග වල ලකුණු 6151කට හිමිකම් කියන රයිදු එහීදී ශතක 16 ක් හා අර්ධ ශතක 34 ක් රැස් කරගෙන සිටී. වසර ගණනකට පසු ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමිකර ගත් රයිදු මේ වන විට ඉන්දීය කණ්ඩායමේ අංක 4 ස්ථානයේ යම් ස්ථාවරත්වයක් ගොඩ නගා ගනිමින් සිටීම විශේෂත්වයකි.