අධිවේගයේ කොට්ටාව පිවිසුම අසල රථවාහන තදබදයක්

අධිවේගයේ කොට්ටාව පිවිසුම අසල රථවාහන තදබදයක්

by Staff writer 05-11-2018 | 1:32 PM
COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ. අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ, අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ, පවතින රථවාහන තදබදයත් සමග විකල්ප පිටිවීමේ දොරටු භාවිත කරන ලෙස රියැදුරන්ට දැනුම් දෙන බවයි. ඒ අනුව කොතලාවල, අතුරුගිරිය සහ කඩුවෙල හුවමාරු භාවිත කරන ලෙස අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකය රියදුරන්ට උපදෙස් දී තිබේ.