14 වන දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති තීරණය කරයි

14 වන දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති තීරණය කරයි

by Staff writer 04-11-2018 | 9:11 PM
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මස 14 වැනි දින බදාදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර තිබේ. අද ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ (3) i අනු ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබ තිබේ. ඒ අනුව මේ මස 14 වැනි දින උදෑසන 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.