හෙට පාර්ලිමේන්තුව අවට මාර්ගවල රථවාහන සැලැස්මක්

හෙට පාර්ලිමේන්තුව අවට මාර්ගවල රථවාහන සැලැස්මක්

by Staff writer 04-11-2018 | 5:07 PM
COLOMBO (News 1st) : හෙට දහවල් 12 සිට පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ආණ්ඩුවට සහය පළ කරමින් හෙට පැවැත්වීමට නියමිත රැළියක් හේතුවෙන් එම පියවර ගත් බවයි. අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.