හක්මන වෙඩි තැබීමෙන් ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් මරුට

හක්මන වෙඩි තැබීමෙන් ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් මරුට

by Staff writer 04-11-2018 | 10:22 PM
COLOMBO (News 1st) : හක්මන බෙලිඅත්ත මාර්ගයේ කැඹිළියපොළ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච්. ශාන්ත මහතා මිය ගොස් තිබේ. වෑන් රථයකින් හා යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් මන්ත්‍රීවරයාට වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාර රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මන්ත්‍රීවරයාගේ සිරුරේ කැපුම් තුවාල ද ඇති බවයි. 53 හැවිරිදි මන්ත්‍රීවරයා හක්මන නරවැල්පිට ප්‍රදේශයේ පදිංචි අයෙකි.