වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් සොයා දීප ව්‍යාප්ත වැ

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් සොයා දීප ව්‍යාප්ත වැටලීම්

by Staff writer 04-11-2018 | 5:55 PM
COLOMBO (News 1st) : සීනි සහ පරිප්පු ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු කිරීමත් සමග වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් සොයා දීප ව්‍යාප්ත වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම් ෆවුසර් මහතා සඳහන් කළේ, වැඩි මිලට භාණ්ඩ අළෙවි කරනනන් පිළිබඳ තොරතුරු 1977ට ලබා දිය හැකි බවයි. එවැනි වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද ඔහු පැවසී ය. සීනි කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 92 ක් වන අතර උපරිම සිල්ලර මිල රුපියල් 100 ක් ලෙස අළෙවි කළ හැකි බව එම්.එස්.එම්. ෆවුසර් මහතා සඳහන් කළේ ය. පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 5කින් ද,තිරිගු කිලෝග්‍රෑමයක් සඳහා වූ බද්ද රුපියල් 9කින් ද, සීනි සඳහා වූ බද්ද රුපියල් 10කින් පහළට දැමීමට පසුගිය දා රජය කටයුතු කළේ ය.