බොල්ගොඩ පාළම අසල කදින් වෙන් කළ කාන්තා හිසක්

බොල්ගොඩ පාළම අසල කදින් වෙන් කළ කාන්තා හිසක්

by Staff writer 04-11-2018 | 4:32 PM
COLOMBO (News 1st) : බණ්ඩාරගම, බොල්ගොඩ පාළම අසල තිබී කදින් වෙන් කරන ලද කාන්තා හිසක් හමුවී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, අද උදෑසන 7ට පමණ බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරක් මත මෙම හිස සොයාගෙන ඇති බවයි. බංඩාරගම , බොල්ගොඩ පාළම අසල පිහිටි ළදු කැලෑවක මෙම හිස දමා ගොස් තිබේ. මෙය කාන්තා හිස  25 ත් 30 අතර වයසේ පසුවන විදේශීය කාත්තාවකගේ බවට පොලීසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.