තිස්සමහාරාම, ඇල්ලගල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

තිස්සමහාරාම, ඇල්ලගල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

by Staff writer 04-11-2018 | 7:31 AM
COLOMBO (News 1st) - තිස්සමහාරාම, කුඩා ගම්මාන 04, ඇල්ලගල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ඔහු නිවස තුළ සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බව ය. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරු කර යවා තිබේ. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, 21 හැවිරිදි ඇල්ලගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.