තවත් සිව් දෙනෙක් ඇමති තනතුරුවල දිවුරුම් දෙති

එජාප මන්ත්‍රීවරයෙක් ඇතුළු තවත් 4ක් ඇමති තනතුරුවල දිවුරුම් දෙති

by Sagarika Chathumali 04-11-2018 | 4:57 PM
COLOMBO (News 1st) : නව අමාත්‍යවරු දෙදෙනෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දුන් අතර වාසුදේව නානායක්කාර මහතා දිවුරුම් දුන්නේ ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ ජාතික භාෂා අමාත්‍යවරයා ලෙසයි. ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික, අභ්‍යයන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.