නව දිල්ලි නුවර වායු දූෂණය අවම කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්

නව දිල්ලි නුවර වායු දූෂණය අවම කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්

නව දිල්ලි නුවර වායු දූෂණය අවම කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්

කර්තෘ Staff writer

04 Nov, 2018 | 7:18 am

(News 1st) – ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දෛනික වායු දූෂණය දුම්වැටි 15ත් 20ත් අතර ප්‍රමාණයක් පානය කිරීමට සමාන බව සෞඛ්‍ය අංශ පවසයි.

වෛද්‍යවරුන් පවසන්නේ, නව දිල්ලි නුවර විෂ වායු ආඝ්‍රහනයෙන් පුද්ගලයින්ගේ පෙනහළු කළු පැහැ ගැන්වී ඇති බව ය.

ගත වූ වසර 30 තුළ ක්‍රම ක්‍රමයෙන් පෙනහළු කළු පැහැ ගැන්වුණු පුද්ගලයින් සංඛ්‍යාව වැඩි වෙමින් ඇතැයි වෛද්‍යවරු පවසති.

ඊට අමතරව කැස්ස, උගුර ආශ්‍රිත රෝගීන් වාර්තා වීම ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

මේ අතර ඉන්දීය රජය නව දිල්ලි නුවර පවතින අධික වායු දූෂණ තත්ත්වය වෙනස් කිරීමට වහාම පියවර ගත යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අදානොම් සඳහන් කළේ, අදාළ ගැටලුව විසඳීමට ඉන්දීය මධ්‍යම රජය හෝ නව දිල්ලි ප්‍රාන්ත රජය කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව ය.

මෙය කඩිනම් අවශ්‍යතාවක් සේ සලකා ඉන්දියාව ප්‍රබල සැලසුමක් සකස් කළ යුතු බව ද ඔහු පවසයි.

කෙසේ වෙතත් නොවැම්බර් පළමු වන දා සිට 10 වන දා දක්වා කාලය තුළ නව දිල්ලි නුවර වායු දූෂණය තවත් උග්‍ර වනු ඇති බවට මීට පෙර එරට පරිසර අංශ අනතුරු අඟවනු ලැබුවේ ය.

එය අවම කිරීම සඳහා නව දිල්ලි නුවර පෞද්ගලික රථ වාහන ධාවනය නතර කිරීමේ යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත්ව තිබේ.

කෙසේ වෙතත් ඉන්දියාව මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක නොවුණහොත් ජන ජීවිතවලට එය දැඩි බලපෑමක් වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]