බහුතරය හිමියි, පත්වීම නීත්‍යානුකූලයි - අගමැති

බහුතරය හිමියි, පත්වීම නීත්‍යානුකූලයි - අගමැති මහින්ද රාජපක්ෂ

by Staff writer 03-11-2018 | 8:03 PM
(News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අල් ජසීරා නාලිකාවේ සාකච්ඡාවකට එක් විය. එහිදී අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම නීත්‍යානුකූල ද යන්න පිළිබඳව විමසා තිබේ. ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, සිය පත් වීම නීත්‍යානුකූල බව ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අල් ජසීරා නාලිකාවේ සාකච්ඡාවට එක්වෙමින් පළ කළ අදහස්... මාධ්‍යවේදියා : සර් ඔබගේ පත්වීම නීත්‍යානුකූල ද? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - ඔව්. ව්‍යවස්ථාවට අනුව එය පරිපූර්ණයි. මාධ්‍යවේදියා : යම්කිසි විවාදාත්මක තත්ත්වයක් තියෙනවා නේද? අග්‍රාමාත්‍යවරයා තීරණය කළ යුත්තේ ජනාධිපති නොව, පාර්ලිමේන්තුව බවට... අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ : නෑ.. නෑ.. ව්‍යවස්ථාව කියවන්න. එවිට ඔබට දැනගත හැකියි. මාධ්‍යවේදියා : ඔබ අග්‍රාමාත්‍ය තනතුරේ වැඩ භාර ගන්නවා ද? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ : මම දැනටමත් වැඩ භාර ගෙනයි ඉන්නේ. මාධ්‍යවේදියා : කොහොම ද ඔබ පාර්ලිමේන්තුවෙන් ප්‍රමාණවත් සහයක් ලබා ගන්නේ, කොහොම ද ඔබ මන්ත්‍රීවරු ලබා ගන්නේ.? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ : දැනටමත් අපිට 113ක් ඉන්නවා. මාධ්‍යවේදියා : ඉතින් ඇයි තවදුරටත් පාර්ලිමේන්තුව කැඳවීම පමා කරන්නේ? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ : මොකද අපිට අයවැයට සූදානම් වීමට අවශ්‍යයි. මාධ්‍යවේදියා : ඔබ ඉදිරියටත් අගමැති ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා ද? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ : ඇයි නැත්තේ...?