by Staff writer 03-11-2018 | 10:19 PM
COLOMBO (News 1st) - අද තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ ඒ.එච්.එම්. ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දුන්නේ ජාතික සමගිය, සහජීවනය සහ මුස්ලිම් ආගමික කටුයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ය.
මේ වන විට නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 16ක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 08ක් හා රාජ්‍ය අමාත්‍යවරුන් 06ක් දිවුරුම් දී අවසන්.
ඒ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 06 දෙනෙකු හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ද වේ.
පසුගිය 26 වන දා වන විට පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පැවතියේ, එක්සත් ජාතික පක්ෂයට ආසන 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 95ක්, ඉලංකෙයි තමිල් අරසු කච්චි ආසන 16ක්, ජනතා විමුක්ති පෙරමුණට ආසන 06ක්,
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී. සංවිධානයට එක් ආසනයක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් ආසනයක් ලෙස ය.
ඉන් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට නිල වශයෙන් සහය පළ කරන ගණන 103කි.
රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන සංඛ්‍යාව මේ වන විට 100ක් බවට පත්ව තිබේ.
ඒ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන තනි මන්ත්‍රී අසුන ද ඇතුළත්ව ය.
දෙමළ ජාතික සන්ධානයෙන් එක් මන්ත්‍රීවරයෙකු රාජපක්ෂ මහතාට සහය පළ කිරීමත් සමග ඔවුන්ගේ සංඛ්‍යාව 15 දක්වා අඩු වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා දෙපාර්ශවයටම සහය පළ නොකරන බව නිල වශයෙන් ප්‍රකාශ කර අවසන් ය.