බස් ගාස්තු ත් පහළ දැමීමේ තීරණයක්

බස් ගාස්තු ත් පහළ දැමීමේ තීරණයක්

by Staff writer 03-11-2018 | 7:54 AM
COLOMBO (News 1st) : ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව ඉදිරියේදී බස් ගාස්තු 2% පහළ දැමීමට පෞද්ගලික බස් වෘත්තීය සමිති තීරණය කර තිබේ. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, ඉන්ධන මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබාදීමට සූදානම් බවයි. අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත මහතා පැවසුවේ, බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගන්නා බවයි. මේ අතර රජය මගින් අඩු කළ ඉන්ධන මිලට සාපේක්ෂව ලංකා අයි.ඕ.සී. සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහළ දැමීය. පෙරේදා මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් ද පහත දැමිණ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 145 ක් ද ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116කි. මේ තත්ත්වය තුළ අයි.ඕ.සී. සමාගම ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 11කින් සහ ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 2කින් අඩුකිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 118කට ද, ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 153ටද මිලදී ගත හැකියි.