සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට තීරණයක්

සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට ආණ්ඩු පක්ෂයෙන් තීරණයක්

by Staff writer 03-11-2018 | 10:02 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කර තිබේ. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. සාකච්ඡාවෙන් පසු රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මාධ්‍ය හමුවකට ද එක් විය.