"බහුතරය නොමැති නිසා ප්‍රමාද කරනවා"

බහුතරය නොමැති නිසා පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද කරනවා - රනිල් වික්‍රමසිංහගෙන් චෝදනා

by Staff writer 03-11-2018 | 8:16 PM
(News 1st) - පාර්ලිමේන්තුව නැවත කැඳවන තුරු තමන් අරලියගහ මන්දිරයෙන් බැහැරව නොයන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අල් ජසීරා නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ. මාධ්‍යවේදියා - ඔබ හිතන විදිහට ඇයි පාර්ලිමේන්තුව නැවත කැඳවීම ප්‍රමාද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ - ඔවුන්ට පිරිස නැහැ. මොකද පාර්ලිමේන්තුවට ගියා නම් ප්‍රශ්නෙ ඉවරයි. මාධ්‍යවේදියා - ඔබ හිතන්නේ ඔබට එය තිබෙනවා කියලා ද? රනිල් වික්‍රමසිංහ - ඔව්. අපිට පිරිස ඉන්නවා. මාධ්‍යවේදියා - අපිට ඇහෙනවා ගොඩාක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් මහින්ද රාජපක්ෂගේ පැත්තට නැඹුරු කර ගන්න දරණ උත්සහය ගැන ඔබ මොකද හිතන්නේ මේ ගැන? රනිල් වික්‍රමසිංහ - ඔවුන් සමහරුන්ට ඇමතිකම් දෙනවා. එහෙම නැත්තම් මුදල් ලබා දෙනවා. මාධ්‍යවේදියා - මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ලේ වැගිරීම් සිදුවිය හැකි බවට කථානායකතුමා අනතුරු අඟවලා තියෙනවා. ඔබ හිතනවා ද කථානායකවරයාගේ මේ ප්‍රකාශය සත්‍යයක් බව? රනිල් වික්‍රමසිංහ - මිනිස්සු තරහෙන් ඉන්නේ. ඇයි මේකද අපි පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඡන්දයක් භාවිත කළේ කියලා. අපි වෙනස් වැඩපිළිවෙළකටයි උත්සහ කළේ. නමුත් අපි දැන් දකිනවා මේක 2014ට වඩා හපන්. ජනතාව 2015 දී ඡන්දය භාවිත කළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. නමුත් අපි ඔවුන්ගේ බලාපොරොත්තු බිද දැමීම අපේ අවසානය විය හැකියි.