"පාර්ලිමේන්තුව කැඳවීම ලබන 16 වන දා"

පාර්ලිමේන්තුව කැඳවීම ලබන 16 වන දා - කෙහෙළිය රඹුක්වැල්ල

by Staff writer 03-11-2018 | 4:30 PM
COLOMBO (News 1st) - පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තුව කැඳවීම සිදු වන්නේ, ලබන 16 වන දා බව රජය පවසයි. රජයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, 5 වන දා පාර්ලිමේන්තුව කැඳවන බවට රාවයක් පවතින බව ය. රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ, පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසාන කළ හෙයින් 5 වන දා පාර්ලිමේන්තුව කැඳවන්නේ නම් ජනාධිපතිවරයා විසින් එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතු බව ය. 5 වන දා පාර්ලිමේන්තුව කැඳවන බවට මේ වන තෙක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නොතිබීම හේතුවෙන් පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව ලබන 16 වන දා කැඳවීම සිදු වනු ඇති බවට රඹුක්වැල්ල මහතා පවසයි.